Srilanka Government

2024/2025 වර්ෂයන් සඳහා දේශීය සැපයුම්කරුවන් ලියා පදිංචි කිරීම

 

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

2024/2025 වර්ෂයන් සඳහා දේශීය සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම


1. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට 2024/2025 වර්ෂයන් සඳහා පහත සඳහන් ඛාණ්ඩ වලට අයත් භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා රජයේ දෙපාර්තමේන්තු, රජයේ පිළිගත් ව්‍යාපාර ආයතන, රාජ්‍ය සංස්ථා, පිළිගත් සැපයුම්කරුවන් දේශීය නියෝජිතයින් නිෂ්පාදකයින්, වෙළඳ ආයතන වලින් අයදුම්පත් කැඳවනු ලැබේ.

2. සැපයුම්කරුවෙකු ලෙස ලියා පදිංචි කිරීමේ ගාස්තු වශයෙන් ආපසු නොගෙවන රු. 2000/- ක් හා එක් එක් විෂයය කාණ්ඩයක් වෙනුවෙන් වෙන් වෙන්ව තවත් රු. 1000/- බැඟින් වූ මුදලක්ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීගේ මහජන බැංකුවෙි නගර මධ්‍ය(මිඩ් සිටි) ශාඛාවෙි අංක 176-1001-990-27357 දරන ගිණුමට 2023.08.21 දින  ප.ව. 2.30 පෙර මුදල් තැන්පත් කර බැංකු ස්ලිප් පත/රිසිට් පත අයදුම්පත් සහ අනෙකුත් ඉදිරිපත් කිරීමට ඇති ලිපිලේඛන සමග ලියාපදිංචි තැපැලෙන් එවීමට හෝ ගෙනවිත් භාර දීමට කටයුතු කරන්න. සියළු විස්තර කොන්දේසි සහ අයදුම්පත් www.railway.gov.lk වෙබ් පිටුවෙන් භාගත කළ හැක.

3. දැනටමත් සැපයුම්කරුවන් වශයෙන් මෙම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වී සිටින අයදුම්කරුවන්ද නැවත 2024 / 2025 වර්ෂ සදහා ද ලියා පදිංචි විම අනිවාර්ය වේ.

4. සැපයුම්කරු 2023 වර්ෂයට VAT සදහා සක්‍රීයව ලියාපදිංචි වී ඇති බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය. එසේ ඉදිරිපත් නොකරන සැපයුම්කරුවන් VAT සඳහා ලියාපදිංචි වී නොමැති බවට කටයුතු කරනු ඇත.

5. මිල කැදවීම් විද්යුත් තැපැල් මාර්ගයෙන් පමණක් සිදුකරන අතර, නමුත්  නියමිත දින නියමිත වේලාවට ප්‍රථම ලංසු ලියාපදින්චි තැපැලෙන් හෝ ගෙනවිත් භාරදිය යුතුය.

6. ලියාපදිංචි වන සැපයුම්කරුවන් අදාල කොන්දේසි අනුව, සැපයිම් කළයුතු අතර, නියමිත ආදර්ශයට හා පිරිවිතරයට අනුව භාණ්ඩ සැපයිය යුතුවේ. තෙවරක්  මිල දිමනා ඉදිරිපත් නොකරන හෝ නියමිත වේලාවට භාණ්ඩ සැපයීමට අපොහොසත් වන හෝ එකඟ වි ඇති පරිදි ණයට බඩු සැපයීමට අපොහොසත් වන හෝ පිළිගත හැකි හේතු රහිතව ආදර්ශ ඉදිරිපත් නොකරන හෝ සැපයුම්කරුවන්ගෙන් නැවත මිල දිමනා නොකැඳවිමට කටයුතු කරනු ඇත. ඕනෑම අයදුම් පතක් පිළි ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුය. භාණ්ඩ හා සේවා සදහා මිල කැඳවුම් සාමාන්‍යයෙන් ලියා පදිංචි වූ සැපයුම්කරුවන්ගෙන් කරනු ලබන අතර, තරඟකාරි මිලක් ලබා ගැනිමට අවශ්‍ය වූ විට මිල කැඳවීම් වෙනත් සැපයුම්කරුවන්ගෙන් ද ලබා ගැනීමේ අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව සතුය.

7. ලියාපදිංචි විමට ඉදිරිපත් කරන අයදුම්පත් වල පහත සඳහන් විස්තර ඇතුලත් විය යුතුය.

1. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත.

2. ව්‍යාපාරික ආයතනයේ නම සහ ස්වභාවය.

3. නිෂ්පාදකයෙක්දනැතහොත් ද්‍රව්‍ය බෙදාහරින්නෙක්ද යන වග.

4. ව්‍යාපාරික ලිපිනය , දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් තැපැල් ලිපිනය

5. දැනටමත් සේවාවන් සපයන රාජ්‍ය ආයතන තිබේ නම් ඒවායේ විස්තර සනාථ කිරීම සඳහා අදාල ලිපි පිටපත්

6. ව්‍යාපාරය ලියාපදිංචි කිරිමේ සහතිකයේ ජායා පිටපතක්

7. ණය පහසුකම් සැලසිය හැකි කාල සීමාව (අවම වශයෙන් මසක කාලයකට)

8. පසුගිය මාස 06 තුල බැංකු ප්‍රකාශන

9. මිල දීමනා කැදවන වට VAT ගෙවා අවසන් කල බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සහතිකයේ පිටපතක්

10. ලියාපදිංචි වන විෂයය ඛාණ්ඩය

8. සියළුම අයදුම්පත් කවරයේ වම් පස  ඉහළ කෙළවරේ ‘’සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2024/2025’’ යනුවෙන් සදහන් කර 2023.08.21 දින හෝ ඊට පෙර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ප්‍රසම්පාදන), ප්‍රසම්පාදන උප දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1347, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවිමට හෝ ගෙනවිත් භාරදිය හැක. ඉහත 07 වන ජේදයේ දක්වා ඇති පරිදි නිවැරදි විස්තර නොමැතිව හෝ ලිපි ලේඛණ නොමැතිව හෝ  එවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 

භාණ්ඩ ප්‍රසම්පාදනය

දේශීය සැපයුම්කරුවන් ලියා පදිංචි කිරීම  2024 -  2025

භාණ්ඩ හා සේවාවන් පිළිබඳ ලේඛණය

 

1. Rubber goods.

2. Iron and steel goods. Sealing lead , raw iron and non-corrosive metals, pig lead, cast iron, pig iron, antimony , tin ingots, galvanized iron buckets,galvanized pipes and all varieties of glue.

3. Cotton waste, Banyan waste.

4. Manila Ropes, Hard Board & Rock Roofing.

5. Bolts & Nuts, Rivet Nails, Iron nails, Brass & Iron Screw nails.

6. Tyres, Tubes for Motor Cars & other type  Vehicles.

7. Bicycles & bicycle spare parts.

8. Supply of  Firefighting equipment and spare parts and maintenance work.

9. Tools required for machinery and equipment, factory equipment and spare parts for machinery, Aluminium doors.

10. Bearings.

11. Brake linings , V- belts

12. Plastic goods, Fiber glass goods, Plastic water tanks, plastic dust bins, nylon 66.

13. Photocopiers, Duplicators, Fax machines, computers and computer accessories.

14. Air Conditioners, Refrigerators.

15.(A) Maintenance of office equipment- Computers, Fax, Photocopiers, Printers

(B) telephone and spare parts.

 

16. (A)Steel cabinets, Cupboards, safes and chairs, tables, office equipment,

(B) wooden furniture ,

(C) plastic furniture.

17. Date Stamps, Rubber Stamps, and ledger binding equipment.

18. All types of stationery, Printing ink, varieties of glue, calculators.

19. Toners, Ribbons, Printing ink

20. All types of Papers (Printing papers, PhotoCopy papers, Duplo papers, Half sheets etc.)

21. Printing Works

22. Identity Cards, Photographers

23. Synthetic And Cotton Cloth, Bed Sheets, Dusters, Pillow Cases, Mattress  Covers ,   Mosquito Nets, Socks ,Banyans.

24. All types of Mattresses.

25. Rain coats, caps, emblem  buttons, Uniform Accessories,Whistles and bells(Brass, Steel or Plastic), All types of Umbrellas

26. Twine, Jute sacks, polysacks.

27. Brooms, ekel brooms, coir products, all types of brushes, coir ropes, coir bales, combed coir.

28. Glassware, cookery and kitchen equipment.

29. Leather products- leather belts, leather covered bags, suitcases, cattle hides, goat hides, gloves, aprons, shoes & Boots, tablet pouches.

30. Blue powder, samara, snowcem powder, Soaps, Detergents, Disinfectants.

31. Varieties of paints -Enamel, Emulsion, Aluminum Bituminous, Thinner, Turpentine, Sealer etc.

32. All  chemicals including boil oil, lubricants, cutting Oil, Coolant

33. Muriatic acid, Oxalic acid, sulfuric acid, Soda powder.

34. Canes and cane products, synthetic cane.

35. PVC pipe and spare parts, rain gutters.

36. Sawn timber and wooden handles, plywood doors and furniture

37. Building Materials, Asbestos sheets, cement, zinc plated roofing sheets.

38. Fire clay, flints oven coal.

39. Lime, Line stones, sea sand, river sand, dolomite, earth, gravel.

40. Electrical Equipment, electric Generators and spare accessories

41. Cables & Wires

42. Electronic Equipment and spare parts/Battery Chargers/ Inverters

43. Weighing scales/equipment & maintenance

44. Hand carts and Trolleys

45. Motor cars, Buses, lorries, fork lifts and Transport Service

46. Oxygen, acetylene, nitrogen, Carbon dioxide, Argan and industrial gasses

47. Electrodes, welding rods and equipment.

48. Supply of milk

49. Rolling Stock Brake pads (Synthetic and cast iron)

50. Explosives - fog signals

51. All Types Batteries- Lead Acid and Alkaline etc, Including all Vehicle Batteries

52. Office and factory cleaning machinery and equipment, Spare parts & Maintenance

53. Water pumps

54. Carpets, Rexene, Polythene

55. Radiators

56. Clocks and relevant accessories and maintenance work

(for offices, Railway stations)

57. Train passenger  compartment seats  and seat  Spare Parts

58. Railway wagons and compartments Brake Systems & Bogie Parts

59. Foam rubber cushions for passenger coaches

60. All varieties of security glasses and glass panels

61. Finished Parts required for repairs to Rail Passenger coaches & wagons

62. Finger marking machines and CCTV security camera systems & parts

63. All kinds of Filters for Locomotives/Generator plants

64. Locomotive/Power plant/ Diesel Engine spare parts

65. Locomotive/ Power plant Electronic/Electrical Spares & Components

66. Maintenance of plant & machinery

67. Air Compressor machines & spare parts

68. Track ballasts, ABC , All sizes of Rubble

69. Supply of construction plants & machineries on hire basis

70. Provision of labour/ man power

71. Cleaning & janitorial Services

72. Minor constructions

73. Railway signaling relays

74. Railway signal interlocking systems (computer based/Electronic)

75. Spare parts for Railway signaling (Electrical/Mechanical)

76. Point Machines

77. Railway LED light units, Electric Signal bulbs

78. Railway Signal Bulb Holders

79. Railway signal bulbs (incandescent)

80. Electrically lifting gate barriers for level crossings

81. Traffic signal for level crossings

82. Underground armoured power and telecom cables

83. Electrical power supply equipment

84. Surge arresters

85. Programmable logic controllers

86. Earthling and lightning protectors

87. Outdoor enclosures

88. Nylon rail insulators and glue  joints

89. Service provider for soil stabilization solution ( Soil nailing) soil investigations related  construction jobs

90. Schedule Service for all Vehicles

91. Landscaping

92. Solar Power System & Accessories

93. Pest Control Service

94. Rock drilling & blasting at Ambepussa Quarry.

 

Download Application

 

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ප්‍රසම්පාදන)

ප්‍රසම්පාදන උප දෙපාර්තමේන්තුව,

තැ.පෙ.1347, ඕල්කට් මාවත,

කොළඹ 10.

අංකය - 011-2433280

Last Updated on Friday, 21 July 2023 04:52